පල්ලේවෙල මහජන පුස්තකාලය


පිහිටීම -

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටා ඇත පල්ලේවෙල බල ප්‍රදේශයට අයත් ග්‍රාමසේවා වසම් 56 කි


ගොඩනැගිල්ලේ ස්භාවය -:

ශ්‍රි ලංකාවේ 50 වන ජාතික නිදහස් දිනය සැමරීම නිමිතිකර ගෙන මීරීගම ප්‍රාදේශීය සභාව මගින් රජයේ අනුග්‍රහය ඇතිව පල්ලේවෙල මහජන පුස්තකාලය නිම කර වර්ෂ1998 ක් වූ පෙබරවාරි මස 04 වන දින ජනතාව වෙත පිරිනමන ලදී.නව පුස්තකාල ගොඩනැගිල්ල පුරනැගුම ව්‍යපෘතිය යටතේ ලබා දුන් ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ උඩුමහලේ පවත්වාගෙන යයි.එම ගොඩනැගිල්ල වර්ග අඩි 1743 යුක්ත වේ විශේෂ අවශ්‍යතා ඇති අය සඳහා ප්‍රවේශය ඉදිවෙමින් පවති .

අරමුණ :-

මීරිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ජීවත් වන පුද්ගලයන්ගේ සහ සමාජ සංවර්ධනය මෙන්ම නිර්මාණාත්මක සහ විනොදාත්මක අවශ්‍යතා සපුරාලිමට විවිද වූ මාධ්‍ය වලින් සමන්විත සම්පත් හා සේවා සැපයීම

දැක්ම :-

පල්ලේවෙල පුරවයේ දැනුමේ කේන්ද්‍රස්ථානයක් වීම

මෙහෙවර :-

මුද්‍රිත සහ මුද්‍රිත නොවන මාධ්‍ය උපයොගි කරගනිමින් තොරතුරු තොරතුරු සහා සේවා පාඨක ප්‍රජාව වෙත ලබා දෙමින් පල්ලේවෙල පුරවරයේ දැනුම ආකල්ප හා කුසලතා වලින් පිරිපුන් බුද්ධිමත් පුරවැසියන් බිහිකිරීම


පවත්වාගෙන යනු ලබන අංශ හා සේවාවන් :-

  • බැහැ දෙන අංශය
  • විමර්ශන අංශය
  • ළමා අංශය
  • වාර සඟරා අංශය
  • පුවත් පත් අංශය ශ්‍රව්‍ය දෘෂ්‍ය හා තොරතුරු සන්නිවේදන අංශය
  • අධ්‍යන අංශය
  • ඡායා පිටපත් සේවය
  • අන්තර්ජාල සේවය
  • අන්තර් පුස්තකාල හුවමාරු සේවය
  • ප්‍රජා තොරතුරු සේවය
  • විස්තාරනී සේවා

  • පුස්තකාල සම්පත් එකතුව :-


    ග්‍රන්ථ සංඛ්‍යාව -18506 කි
         ඉංග්‍රිසි, සිංහල, දෙමළ පොත් එකම පරිග්‍රහණ ලේකණයේ ඇතුලත්කොට ඇත

    සිංහල වාර සඟරා 10කි

    ඉංග්‍රිසි වාර සඟරා 01

    පුවත් පත් එකතුව :- දිනපතා පුවත්පත්