මීරිගම ප්‍රාදේශීය සභාවේ ප්‍රජා සංවර්ධන අංශය මඟින් සිදු කරනු
සමස්ථ කාර්යභාරය සංක්ෂිත්වවය

   මෙම අංශය මඟින් පළාත් පාලන ආයතනයන් මඟින් පොදු මහජන සේවාවාන් රාශියක් සිදු කිරිමට අදාළ කටයුතු සිදු කෙරේ

  1. පළාත් පාලන ආයතනය මඟින් පෙර පාසල් කටයුතු

  2. මීරිගම ප්‍රාදේශීය සභාවට අයත් බෝතලේ ශ්‍රී ශෝඨාභය පෙර පාසල , තලහේන ප්‍රාදේශීය සභා පෙර පාසල , කූරීකොටුව ප්‍රාදේශීය සභා පෙර පාසල යන පෙර පාසල්වල කටයුතු සම්බන්ධයෙන් අධීක්ෂණය , වැඩ සටහන් සංවිධානය , මඟ පෙන්වීම යන සියලුම දේ සිදු කරනු ලැබේ

    ඒ අතර , සෑම වර්ෂයකම සම්මුඛ පරික්ෂණ පැවැත්වීම ඒ අනුව ළමුන් බඳවා ගැනිම , පෙර පාසල් දරුවන්ගේ දෙමාපයි සංගම පිහිටු වීම , පෙර පාසල් පාලිකාවන්ගේ කාර්ය සාධනය වැඩි දියුණු කිරිම සඳහා දැනුවත් කිරිමේ වැඩ සටහනක් පැවැත්වීම , දරුවන්ට ආදරය කරන්නේ කෙසේද සහ ළමා අපචාර හා ළමා ආයෝජන වැළැක්වීම යටතේ පෙර පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරිමේ වැඩ සටහන් පැවැත්වීම , පෙර පාසල් පාසල්වල සිංහල අළුත් අවුරුදු උත්සවය පැවැත්වීම , වෙසක් පෝය සහ පොසොන් පෝය වැඩ සටහන් පැවැත්වීම , ලෝක ළමා දින වෙනුවෙන් අත්කම් ප්‍රදර්ශනය හා චිත්‍ර තරඟය පවත්වා ත්‍යාග හා සහතික ලබා දීම , පෙර පාසල් 03 ම එකතු වීම විසිරි යාමේ උත්සවය පැවැත්වීම .


  3. ප්‍රජා මණ්ඩල

  4. ග්‍රාමීය මට්ටමේ සංවර්ධනයසඳහා ප්‍රජා සහභාගිත්වයෙන් උපරිමයෙන් ලබා ගැනිම සඳහා ප්‍රජා මණ්ඩල පිහිටු වීම. මේ යටතේ ප්‍රජා මණ්ඩල පිහිටුවීම , පවත්වාගෙන යාම , වැඩ සටහන් සිදු කිරිම හා අධික්ෂණය හා උපදෙස් ලබා දීම සිදු කිරිම
    ඒ අතර , සෑම වර්ෂයකම වෙන් කරන ලද ප්‍රතිපාදන මඟින් ක්‍රියාකරි ප්‍රජා මණ්ඩල සඳහා ප්‍රජා මණ්ඩල ආධාර ලබා දීම , ප්‍රජා මණ්ඩල වල සංවත්සර රැස්වීම පැවැත්විම , අළුතින් ප්‍රජා මණ්ඩල පිහුට වීම , ප්‍රජා මණෟඩල ප්‍රතිසංවිධානය කිරිම , ප්‍රජා මණ්ඩල බල මණ්ඩල රැස්වීම කැඳවීම යන කාර්යාන් මේ අතර වේ. .

  5. කසළ කළමණාකරන වැඩසටහන් :-

  6. බල ප්‍රදේශයේ ජනනය වන කසළ කළමනාකරණය කර ගැනීම සඳහා වැඩ සටහන සංවිධානය කිරිම ,ක්‍රියාත්මක කිරිම ප්‍රගතිය වාර්තා කිරිම , කසළ කළමණාකරන විධායක කමිටු කැඳවිම ,කොම්පෝස්ට් බඳන් බෙදා දීම , උප කාර්යාල මට්ටමින් කසළ පොළවල් සංවිධානය කිරිම , අපද්‍රව්‍ය කළමනාකරන අධිකාරිය සමඟ බල ප්‍රදේශ වෙනුවෙන් කසළ කළමනාකරන පස් අවුරුදු සැලැස්ම සකස් කිරිම , දිරන කසළ දැමීම පොලිසැක් මලු ලබා දිම. දිරන කසළ සඳහා සාර්ථක විසදුමක් ලෙස , කොම්පොස්ට් අංගනයක් පවත්වාගෙන යාම සහ කොම්පොස්ට් අලෙවිය සිදු කිරිම , නොදිරන කසළ අලෙවිය සඳහා කටයුතු සිදු කිරිම ඉවත ලන පොලිතින් බේල් කර සෞඛ්‍ය ආරක්ෂිත බැහැර කිරිම කටයුතු කිරිම .

  7. ඩෙංගු වැඩ සටහන්

  8. ඩෙංගු ,බරවා වැනි වසංගත රෝග තත්වය මර්ධනය සඳහා වැඩ සටහන් සිදු කිරිම මාසික ඩෙංගු ප්‍රගතිය අදාළ ආයටතනවලට යොමු කිරිම , ඩෙංගු පරික්ෂාව සඳහා සභාවෙන් අවශ්‍ය සහාය ලබා දිමට කටයුතු කිරිම , ඩෙංගු සහායිකයින්ගේ බඳාවා ගැනිම සඳහා ව්‍යාපෘති වර්තා සකස් කිරිම .

  9. පුස්තාකාල

  10. බල ප්‍රදේශයේ ප්‍රජාවගේ විවේක කාලය අර්ථවත් ලෙස ගත කිරිමට සහ දැනුම හා ආකල්ප වැඩි දියුණු කිරිම ගුණ ධර්මයෙන් යුතු ප්‍රජාවක් බිහි කිරිමලා පුස්තකාල කටයුතු ප්‍රවර්ධනය කිරිම මේ සඳහා පුස්තකාල 03 ක් පිහිටුවා ඇත. මෙම පුස්තකාල වල ප්‍රගතිය සඳහා පුස්තකාල උපදේශන කමිටු පිහිටුවීම , පාඨක සමාජ ඇති කරිම හා එමඟින් පුස්තකාල වැඩි දියුණු කිරිම හා පාඨකයන් වෙනුවෙන් විවිධ ව්‍යාප්ත සේවාවාන් සිදු කිරිම , උදා , කාන්තාවන් සඳහා වැඩ සටහන් , කතන්දර පැයැ වැඩ ටහන් , සෞඛ්‍ය වැඩ සටහන් , ආගමික සහ සංස්කෘතික වැඩ සටහන්

       ග්‍රාමීය මට්ටමේ පාඨකයින්ගේ අවශ්‍යතාවය සඳහා ජංගම පුස්තකාල සේවාවා ව්‍යාප්ත කිරිම .

  11. ආයුර්වේද කටයුතු

  12. පළාත් පාලන ආයතන මඟින් පාලනය වන ආයුර්වේද 02 ක් වන අතර , එය මීරිගම සහ පල්ලෙවෙල ආයුර්වේදය වේ. මෛ ආයුර්වේද මඟින් දේශීය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ප්‍රචලිත කිරිමත් , එමගින් ප්‍රජාවගේ සෞඛ්‍ය තත්වය වැඩි දියුණූ කිරිමත් බලාපොරොත්තු වේ. මෙහිදී ග්‍රාමීය මට්ටමට සේවාවා ව්‍යාප්ත කිරිම සඳහා ජංගම ආයුර්වේද පැවැත්වීමද සිදු කෙරේ. එමෙන්ම වාර්ෂිකව දේශීය වෛදය ක්‍රම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරිම සඳහා ආයුර්වේද ප්‍රදර්ශණ පැවැත්වීම ද සිදු කෙරේ.

       ඖෂධ පෑළැටි සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරිම සඳහා ඔසු උයන් පිහිටුවා නඩත්තතු කිරිම ද සිදු කෙරේ

  13. පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරිම .

  14. මධ්‍යම පරිසර අධීකාරිය මඟින් පළාත් පාලන ආයතනවලට බලය පවරා ඇති කර්මාන්ත 25 ක් සඳහා පරසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරි‘ම , අධීක්ෂණය , පසුවිපරම හා උපදෙස් ලබා දිම්‍ සිදුකිරිම .

  15. කාන්තාවන් සවිබල ගැනිවීමේ වැඩ සටහන් සිදු කිරිම

  16. ග්‍රාමීය මට්ටාමේ හා නාගරික මට්ටමේ ස්වයං රැක්‍රියා අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ගේ අනිවාර්යෙන්ම අභීවෘද්ධීය සඳහා ස්වයං රැකියා පුහුණු වැඩ සටහන් පැවැත්වීම

  17. සංස්කෘතික ප්‍රවර්ධණ වැඩ සටහන් පැවැත්වීම

  18. බල ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් සාහිත්‍ය තරඟ පවතාවා සාහිත්‍ය උත්සවය පැවැත්වීම , කලා සංස්කෘතිය වැඩි දියුණු කිරිමට කටයුතු කිරිම .