මීරිගම ප්‍රාදේශීය සභාව විසින් ප්‍රජා සේවා සපයන ආයතනයක් ලෙස සිය සමාජීය මෙහෙවර ඉටු කිරීම උදෙසා ප්‍රදේශයේ ජනතාවගේ දරුවන්ගේ නැණ පහන් දැල්වීමේ මූලික අඩිතාලමට උරදීම පිණිස ප්‍රාදේශීය සභා බල සීමා ප්‍රදේශය ආවරණය කරමින් පෙර පාසල් 03 ක් පවත්වාගෙන යනු ලබයි.

  1. තලහේන පෙර පාසල - තලහේන
  2. කුරීකොටුව පෙර පාසල - කුරීකොටුව
  3. ගොඨාභය පෙර පාසල - බොතලේ

තලහේන පෙර පාසල

ගණේගොඩ මාර්ගයේ බොකලගම හංදියෙන් වමට හැරී 2km තලහේන හංදියෙන් වමට 200 මී පමණ දුරින් පිහිටා ඇත.

කුරීකොටුව පෙර පාසල

වේයන්ගොඩ සිට බාඳුරාගොඩ දෙසට 2km ක් පමණ ගොස් උඩුගම හංදියෙන් වමට මීටර් 200 දුරින් පිහිටා ඇත

ගෝඨාභය පෙර පාසල - බොතලේ

දංඔවිට මාර්ගයේ 6km ක් පමණ දුර ගොස් බොතලේ හංදියෙන් මීටර් 200 ගිය පසු මෙම පෙර පාසල පිහිටා ඇත.

බොතලේ ශ්‍රී ගොඨාභය පෙර පාසල ආරම්භ වූයේ 1973 වර්ෂයේ දී එවකට ශ්‍රී නාලන්දා පරිවේනාධි හිමියන් වූ අලුතෑපල පේමරතන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා එවකට ගම්සභා නියෝජිත වරයෙක් වශයෙන් කටයුතු කල එච් .ප්‍රේමදාස මහතාගේ සහ තවත් මහත්ම මහත්මීන් කීප දෙනෙක්ගේ බලවත් ඉල්ලීම මත 1973 වර්ෂයේ ශ්‍රී ගොඨාභය රජමහා විහාරස්ථ ධර්මශාලාවේදි කුඩා දරුවන් 04 දෙනෙකුගෙන් මෙම පෙර පාසල ආරම්භ විය.ප්‍රථම ගුරු මෑණීයන් ලෙස කටයුතු කලේ කේ.පි හේවා අයිරංගනී මහත්මිය. ඉන්පසු අනුලාවති විතානගේ වී.පි.ප්‍රේමලතා යන අය අධ්‍යන කටයුතු කළහ. 1979 වර්ෂයේදී මාසිංහගේ පද්මිණි මහත්මිය සේවය කල අතර 1980 දී ප්‍රාදේශීය සභාවට යටතේ පාලනය වන පෙරපාසලක් බවට පත්විය. 1990 දශකය වන විට මෙහි අධ්‍යාපනය ලැබූ දරු 50 ඉක්මවා සිටි අතර වෙනම ගොඩනැගිල්ලක අවශ්‍යතාවය ‍බෙහෙවින් දැනුනි එවකට දෙමාපියන්ගේ ඉල්ලිම පරිදි එම්. ඒ.පියතිලක මන්ත්‍රි තුමාගේ ඉල්ලීමෙන් කඩිගමුවේ ගෞරවණීය පේමානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ පන්සල් ඉඩම පරිත්‍යාග කර ප්‍රාදේශීය සභාවට පවරා දීමෙන් පසු ප්‍රාදේශීය සභා ප්‍රතිපාදන වලින් ඒම ඉඩමේ නව ගොඩනැගිල්ලක් සාදවා 1996 පෙබරවාරි 24දින ශ්‍රී ගොඨාභය ප්‍රාදේශිය සභා පෙර පාසල නමින් දැයේ දරුවන්ට විවෘත කර දෙන ලදී.දරු දැරියන් ප්‍රමාණය වැඩි වීමත් සමගම පද්මිණී මාසිංහ ගුරුතුමියට සහය ලෙස රංජනී අලුත්ගේ මහත්මිය ස්වේච්චාවෙන් 1196 සිට සේවය කලාය.2009 පද්මිණී මාසිංහ ගුරුතුමියට විශ්‍රාම ගිය අතර එදින සිට අද දක්වා රංජනී ගුරුතුමිය සේවය කරයි ප්‍රියන්ති පතිරණ , ලංකා කුමාරි සහ ස්වෙච්චා ගුරුවරියන් ද දැනට මෙහි සේවය ලබාදෙමින් කටයුතු කරයි